2030 වන විට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපයා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පුනර්ජනනීය බලශක්ති වර්ධනය යන තේමාවෙන් පැවති වැඩමුළුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ වර්ධනයට අදාළ ප්රවණතා හා ප්‍රතිපත්ති පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය අසංක එස් රොද්‍රිගු මහතා ඇතුළු ඉන්දියානු එක්ස්පෝ ආයතනයේ නිලධාරීන් මීට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-NyFXZlc_Ro”]