fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලස්සා උණ හේතුවෙන් නයිජීරියාවේ මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 15:05

ලස්සා උණ හේතුවෙන් නයිජීරියාවේ මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට

ලස්සා උණ රෝගය හේතුවෙන් නයිජීරියාවේ මියගිය පුද්ගලයින් ගණන 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලස්සා උණ රෝගය වැළදුනු රෝගීන් සංඛ්‍යාව 700 සිට 1708 දක්වා ඉහළ ගොස් ඇති බවයි නයිජීරියා සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම උණ රෝගය එරට ප්‍රාන්ත තුනකින් වාර්තා වී තිබෙනවා. ජනවාරි මාසයේ දී මෙම රෝගය පළමුව වාර්තා වූ අතර එය ව්‍යාප්තවීම තවදුරටත් සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. රෝග මර්දනය සදහා නිශ්චිත ඖෂධයක් නිපදවීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්