fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

EPF සාමාජිකයන්ට ගිණුමේ විස්තර කෙටි පණිවිඩයකින්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 14:57

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම මාසික දායක මුදල් ගිණුම්ගතවීම පිලිබද ක්ෂණිකව දැනුම්දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කිරිමට රජය තීරණය කළා.

දැනට පවතින ක‍්‍රමවේදය අනුව සාමාජිකයන්ට තම දායක මුදල් ගිණුම්ගතවීම පිලිබද දැනගැනීමට මාස 6 ත්, 12 ත් අතර කාලයක් ගතවනවා. එය ගැටලු රැසකට හේතුවන බවයි හදුනාගැණුනේ.

ඊට විසදුමක් ලෙස කෙටි පණිවිඩ සේවාව ආරම්භ කිරිමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරණ ස්ථිර සේවක සංඛ්‍යාව ලක්ෂ 26 ක් පමණ වන බවයි කම්කරු අමාත්‍යාංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo