බ්‍රසීලයේ සාවෝපොලෝ නගරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
දින කිහිපයක සිට බ්‍රසීලයට අධික වැසි ලැබෙමින් පවතිනවා. මේ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වුණා. සාවෝපොලෝ නගරයේ ස්ථාන රැසක නායයාම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පාසල් මෙන්ම රාජ්‍ය ආයතන වසා දමා තිබෙනවා. මෙම මාසය පුරාම වැසි සහිත කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවයි බ්‍රසීල කාලගුණ අංශ නිවේදනය කරන්නේ.