fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් යොදා ගැනීමේ ව්‍යාපාරයක් විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මකයි – ඇමති බන්දුල

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 12:07

දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් යොදා ගැනීමේ ව්‍යාපාරයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සමාජ වැඩ පිළිබද උපාධි පාඨමාලාව හදාරන සිසුන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ජාතික සමාජ සංවර්ධන ආයතනය මෙහෙයවන සමාජ වැඩ පිළිබද උපාධි පාඨමාලාව හදාරන සිසුන් පසුගියදා උද්ඝෝෂණයක නිරත වුණා. ඒ පිළිගත් විශ්වවිද්‍යාලයකට අනුයුක්ත කරන ලෙස ඉල්ලමින්. මෙම ගැටලුව සම්බන්ධයෙන් එම සිසුන් අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වුවා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම සදහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්