COVID -19 හෙවත් කොරෝනා වෛරසය වැළදීමෙන් ගෙවී ගිය පැය 24 තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242 කින් ඉහළ ගොස් තිබෙනවා. වෛරසය පැතිරුණු හුබෙයි පළාතෙනුයි මෙම සංඛ්‍යාව වාර්තා වුණේ. මේ අනුව මියගිය ගණන 1360 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
COVID -19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාවද දාහතර දහසකින් ඉහළ ගොස් ඇති අතර ලොව පුරා පුද්ගලයින් හැටදහස් හැටදෙදෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී තිබෙනවා. ලොව පුරා රටවල් 25 කට අධික සංඛ්‍යාවක් වෛරසයට ගොදුරු වී ඇති බව සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය දිනපතා පවත්වන සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ මෙම වෛරසය ලොවට භයානක වෛරසයක් බවයි. මෙය ත්‍රස්තවාදී ක්රියාවකටත් වඩා බලවත් වීමට හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්ග්රේසියස් කියා සිටින්නේ.
පවතින තත්ත්වය හමුවේ චීනයේ ෂැංහැයි නුවර පැවත්වීමට තිබූ ගෝන් ෆී ෆෝර්මියුලා වන් තරගාවලිය කල් දමා තිබෙනවා. එම තරගාවලිය අප්‍රේල් 19 වනදා ආරම්භ වීමටයි නියමිතව තිබුණේ. එමෙන්ම ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ජංගම සම්මේලනයද අත්හිටුවා තිබෙනවා.
මේ අතර උතුරු කොරියාව COVID -19 වෛරසය මැඩපැවැත්වීම සඳහා එරටට පැමිණෙන සංචාරකයින් මාසයක් පුා නිරෝධායනය කෙරෙනවා. මේ අතර චීනය, හොංකොං සහ මැකාවූ විදේශ කටයුතු නව ප්‍රධානීන් පත් කිරීමටත් කටයුතු කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරනවා. චීනයේ වූහාන් නගරයේ කමියුනිස්ට් පක්ෂ ප්‍රධානියාද ඉවත් කර ඇති අතර නව ප්‍රධානියෙකු පත් කර තිබෙනවා. සාස් වෛරසය පැතිර ගිය කාලසීමාවට වඩා COVID -19 වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවද ලෝක ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. වෛරසයේ බලපෑමෙන් ලෝක තෙල් ඉල්ලුම පස්ගුණයකින් පහළ යා හැකි බවට ඔපෙක් සංවිධානය සැක පළ කරනවා. බ්‍රිතාන්‍ය බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියන් දෙදෙනෙකුටද මෙම වෛරසය ආසාදය වී ඇති බව සඳහන්. COVID -19 වෛරසය ව්‍යාප්තවීම වැළක්වන ලෙස ඉල්ලා දෙවියන් වන්දනාමාන කිරීමේ පූජාවක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වුණා.