කොරෝනා වෛරසය පිළිබදව අනාවැකි පළකළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
ඒ කොවිඩ් නයිටීන් ලෙස මේ වනවිට නම්කර තිබෙනවා. රටවල් රැසකින් ආසාදිතයන් වාර්තා වුණා. ඒ අනුව වෛරසය ව්‍යාප්තිය ස්වභාවය පිළිබදව වඩාත් විමසිලිමත් වියයුතු බවයි සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මේ වනවිටත් එය බරපතල තර්ජනයක් ලෙසට රටවල් ගණනාවක් හදුනාගෙන තිබෙනවා. බි්රතාන්යය ද ඊට අයත්.
චීනයේ රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ජනාධිපති ෂි ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන් ඇතුලු පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියා.
තවමත් නිසි පිලියම් සොයා නොගැනීම ගැටලුකාරී තත්වයක්. ඒ පිළිබද වැඩි අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.