ලොව සුප්‍රකට විශ්වවිද්‍යාල දෙකක් වන හාවඩ් සහ යේල් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.
මෙම විශ්වවිද්‍යාල දෙකට විදේශයන්ගෙන් ලැබුණු ආධාර සම්බන්ධයෙනුයි මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ. අදාළ ආධාර ලැබුණු ආකාරය අනාවරණය නොකිරීම මීට හේතුවයි. සෞදි අරාබිය , චීනය ඇතුළු රටවල් රැසකින් හාවඩ් සහ යේල් විශ්වවිද්‍යාල ආධාර ලබාගෙන තිබෙනවා. ඇමෙරිකා ඩොලර් මිලියන ගණනක මුදල් මෙන්ම වෙනත් ත්‍යාග සහ කොන්ත්‍රාත්තු ඊට ඇතුළත්. ඇමෙරිකා නීතිය අනුව සියලු විශ්වවිද්‍යාල තමන්ට ලැබෙන ඩොලර් දෙලක්ෂ පනස් දහසට වැඩි විදෙස් පරිත්‍යාග හෙළිදරව් කළ යුතු වනවා.