විනිසුරු ගිහාන් පිලපිටිය එරෙහි නඩුව හෙට කැදවන ලෙස නියෝග
Related Articles
වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට වරෙන්තු නිකුත් කිරීමට අදාළ නඩුව හෙට දිනයේ කැදවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ සිදු කළ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුවයි නුගේගොඩ මහේස්ත්‍රාත් එච්. යූ.කේ. පැල්පොල මහතා මෙම නියෝගය ලබා දුන්නේ.
වරෙන්තු නිකුත් කිරීමට අදාළව සාක්ෂි ලබාදීම සදහා සුදුසු නිලධාරියකු අධිකරණයට කැදවන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල්ද සිල්වා මහතාට නියෝග කළා. කිසිවෙකු නීතියට ඉහළින් නොමැති බව පෙන්වා දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විනිසුරුවරයා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවද කියා සිටියා. පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් සැකකාර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරයා සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවද ජනක භණ්ඩාර මහතා ප්‍රකාශ කළා. පැමිණිල්ල, විත්තිය පවත්වන දේශන මත විනිසුරුවරයකු තීන්දු දෙන බව විශ්වාස කළද බලපෑමක් මත තීන්දු ලබා දෙන්නේ නම් එහි බරපතලකම විමසා බැලිය යුතු බවයි ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. මේ අතර තමා ලබාදුන් උපදෙස් මත ක්‍රියා නොකිරීම ගැන නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ දිනයේ සිය අප්‍රසාදය පල කරනවා.