ලකුණ මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නව සන්ධානය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඇතුළු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන මන්ත්‍රීවරු පිරිසක් මේ පිලිබදව අද මාධ්‍ය හමුවේ කරුණු හෙළි කළා.
පසුගිය සදුදා පස්වරුවේ අවසන් වුණේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගැටුම් රැසක් මැදයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගියේ ඉදිරි මැතිවරණයට අලියා ලකුණින් තරග කළ යුතු බවට වූ යෝජනාවක් හේතුවෙන්. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ නව සන්ධානයේ නාමයෝජනා ඇතුළු තීන්දු තීරණ ගන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Pl0qNmrEOg0″]