fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන්ට ගෙදර යාමේ වරම අදත් අහිමිවේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 16:20

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔහු අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේයි නියෝගය නිකුත් කෙරුණේ. රන්ජන් රාමනායක මහතාගේ ඇප ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවා. ඒ ආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සහ බලපත්‍ර අලුත් නොකල ගිනිඅවි ලඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුවට ඉදිරිපත් කිරීම සදහායි.  රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන් සමග දුරකතන සංවාද 63 ක් පවත්වා ඇති බව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. වැඩතහනමට  ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සමග මන්ත්‍රීවරයා දුරකතන සංවාද 10 ක් සිදු කර ඇති බවට ද හෙළි කෙරුණා. ඉන් ඇමතුම් 04 ක් ලබාගෙන ඇත්තේ ගිහාන් පිලපිටිය මහතා බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ. විනිසුරු පද්මීණී රණවක මහත්මිය සමග දුරකතන සංවාද 33 ක් මන්ත්‍රීවරයා සිදු කර ඇති බවත් ඉන් 10 ක් ලබාගෙන ඇත්තේ විනිසුරුවරිය බවත් මෙහිදී හෙලිවුණා. වැඩතහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා සමග  දුරකතන සංවාද 20 ක් රන්ජන් රාමනායක මහතා සිදු කර තිබෙන බවයි දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ  ප්‍රකාශ කළේ. මේ අතර අධිකරණය භූමියට පැමිණ සිටි රන්ජන් රාමනායක මහතාගේ හිතවතෙකු බවට පැවසෙන පුද්ගලයකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ආකාරයද දැකගත හැකිවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo