අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් සැප්තැම්බර් 7 සහ 8 යන දෙදින විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමයි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ. ඒ අයථා ලෙස රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින්.
නඩුව විභාගයට ගන්නා දිනවලදි සාක්ෂි දිම සදහා අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කිරීමට ද නියෝග කෙරුණා.