fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩිපෝ 95 ක ආදායම වාර්තාගත ලෙස ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 14:54

ඩිපෝ 95 ක ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ මසකට රුපියල් ලක්ෂ 45 බැඟින්. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය සොයා බැලූ අවස්ථාවේයි මේ බව හෙළිවුණේ. රියදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ සිදුකළ සංචාරයට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ ලංගම සභාපති නීතීඥ කිංස්ලි රණවක යන මහත්වරුන් ද එක්වුණා. ඩිපෝ 107 කින් 12 ක් හැර ඉතිරි 95 ම පසුගිය මාසය තුළ දිනකට රුපියල් ලක්ෂ එකහමාර බැඟින් ආදායම් උපයා තිබෙනවා. පාඩු ලබන ඩිපෝ ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට පියවර රැසක් යෝජනා කර ඇති බවයි මෙහිදී හෙළිවුණේ. අලුත් බස් රථ 500 ක් මිලදී ගැනීම සහ පහත් පතුල් සහිත බස් රථ දෙදහසක් බස් ඇනියට එක් කිරීමට ද නියමිතයි. දැනට ලංගම සතුව ඇති බස් රථ සංඛ්‍යාව 7000 ක්. ඉන් 5700 ක් ධාවනයට සුදුසුම මට්ටමේ පවතිනවා. දෛනිකව බස් රථ 700 ක් පමණ ධාවනය කෙරෙන බවද මෙහිදී හෙළිවුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්