fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට මානව හිමිකම් ප්‍රගතිය යුරෝපා සංගමයේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 11:37

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව යුරෝපා සංගමය පවසනවා. ජී එස් පී ප්ලස් සහනය ලබාදීම සම්බන්ධ තක්සේරු වාර්තාවක් මගිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මෙම වාර්තාව සකස්කර තිබෙනවා. මෙරට දේශපාලන පද්ධතිය මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර මාලාවක් ගෙන ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

ප්‍රජාතාන්ත්‍රික සහ සිවිල් සමාජ අවකාශය පුළුල් කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ දැඩි ප්‍රශංසාවට ලක්වුණා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ,  අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා නීති අන පනත් ගෙනඒම,  අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ ද යුරෝපා සංගමයේ වාර්තා මගින් පැසසුමට ලක්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් කෙරෙහි රජයේ ඇති කැපවීම ද අගය කළ යුතු බවයි යුරෝපා සංගමය සදහන් කරන්නේ. මානව හිමිකම් තත්ත්වය තවත් වර්ධනය කර ගැනීම සදහා රජය ගත යුතු ක්‍රියාමාර්ග ගනනාවක් ද එම වාර්තාව මගින් නිර්දේශකර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්