කොරෝනා වෛරසය කොවිඩ් නයින්ටීන් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා.
කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වූ බැවින් හා 2019 වසරේ දී වෛරසය පැතිරීම ආරම්භ වූ බැවින් ඊට කොවිඩ් නයින්ටීන් ලෙස නම් තැබූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. කිසිඳු ස්ථානයක් , සතෙක් , පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හැඳින්වෙන නමක් මේ සඳහා යොදා නොගැනීමට තමන් කටයුතු කළ බවයි මෙම සංවිධානය ප්‍රකාශ කළේ. මේ වනවිට වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 44,653 ක්. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,113 ක්.
මේ අතර ජපාන නෞකාවේ සිටි වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 39 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ජපාන නෞකාවේ සිටින සම්පූර්ණ ආසාදිතයින් ගණන 175 ක්. වෛරසයට නිසි ප්‍රතිකාරයක් සොයා ගැනීමට තවත් මාස 18 ක කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා තාක්ෂණික සහාය චීනයට ලබාදීමට තීරණය කළ ද කිසිඳු නව ණය ලබාදීමක් සිදුනොකෙරෙන බව ලෝක බැංකුව පවසනවා. මෙම වෛරසය ත්‍රස්ත සංවිධානයකට හෝ ත්‍රස්ත ක්‍රියාවකට වඩා බරපතල ලෙස ලොව පුරා පැතිරයමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශකර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ බවට සැකපිට රෝහල් ගතවූ පුද්ගලයින් 15 දෙනා මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගතරෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.
මේ අතර චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වනවිට දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් 33 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් එළඹෙන සෙනසුරාදා දිනයේ දී එම පිරිසට නිවෙස්වලට යාමට හැකිවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.