fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – කොදෙව් පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය ලබන 17වනදා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 13:11

ශ්‍රී ලංකා – කොදෙව් පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය ලබන 17වනදා

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය ලබන 17වනදා ආරම්භවනවා. ඒ පී සාරා ඕවල් ක‍්‍රීඩාංගනයේදීයි.

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී දිවයිනට පැමිණියා. ඒ  ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග දෙකකට ක‍්‍රීඩා කිරිම සදහායි. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 22වනදා ආරම්භවීමට නියමිතයි. කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්. ඊට ශිම්රන් හෙට්මයර් සහ එවින් ලුවිස් නම් කර නැහැ. දෙරට අතර එක්දින තරග 57ක් පවත්වා ඇති අතර ඉන් තරග 26ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 13:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්