මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ලබා ඇති ප්‍රගතිය ලෝක බැංකුවේ පැසසුමට ලක්ව තිබෙනවා.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් පිලිබඳ සොයා බැලීමට ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපය සඳහා වන හාර්ටි විග් ෂැපර් මහතා දිවයිනට පැමිණියා. ලෝක බැංකු සහන ණය යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක අයෝජනයෙන් යුතු ව්‍යාපෘති මාලාවක් මෙරටදී ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැපයෙන බවයි ෂැෆර් මහතා කියා සිටියේ.