රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන වවුනියාව දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. ගැටළුවකින් තොරව තම අස්වනු අලෙවි කිරීම සඳහා පහසුකම් සැළසීම පිළිබඳ ගොවිජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා.
වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් මේ වන විට වී කිලෝ එක්ලක්ෂ දහතුන් දහසක් පමණ මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ අක්කර හතලිස් අටදහස් නවසිය තිහක පමණ වී වගාකර තිබෙනවා. ඒ සඳහා සහන මිලට පොහොර ලබාදීමටද රජය කටයුතු කළ බවයි වවුනියාව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය පවසනන්නේ. මින් අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් අනූතුන්දහස් දෙසිය පනස් අටක්. වවුනියාව මල්වත්ත පාර මාමඩුව නෙදුන්කේනි හා වෙප්පම්කුලම් වී ගබඩා මධ්‍යස්ථානවලදී වී මිලදී ගැනීම සිදු කෙරෙනවා.