fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් චීනයට චෝදනා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 08:26

ණය ශ්‍රේණිගත කිරීමේ දැවැන්තයා වන ඉක්විෆැක්ස් වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව චීනයට චෝදනා කරනවා.

2017 වර්ෂයේදී චීන හමුදා නිලධාරීන් හතර දෙනෙකු විසින් ඇමෙරිකාව ඇතුළු තවත් රටවල් ගණනාවක පුද්ගලයින්ගේ නම්, ලිපිනයන් ඇතුළු සංවේදී පුද්ගලික දත්ත සොරකම් කිරීම හේතුවෙන් මෙම චෝදනාව එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන 147 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. තවද එක්සත් රාජධානිය සහ කැනේඩියානු පාරිබෝගිකයන්ට ද එම සයිබර් ප්‍රහාරය දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. අධිචෝදනා පත්‍ර නිවේදනයක් නිකුත් කරමින් එරට නීතිපති විලියම් බාට් කියා සිටියේ මෙම සිද්ධිය ඉතිහාසයේ විශාලතම දත්ත උල්ලංඝනය කිරීමක් බවයි. සති ගණනක් සමාගමේ පද්ධතිය තුළ රැඳී සිටිමින් ආරක්ෂක ජාලවලට කඩා වැදී පුද්ගලික දත්ත සොරකම් කළ බවද ලේඛනවල සඳහන් වනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 08:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්