fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිඳු දේශපාලන බලපෑමකට මාරු වීම් නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2020 18:18

රජයේ රැකියා ලබා දීමේ වැඩසටහනට අනුව බඳවා ගන්නා පිරිසට කිසිඳු බලපෑමක් මත පළමු අවුරුදු පහ තුළ මාරුවීම් ලබා නොදෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සියලු දෙනාට සාධාරණ අවස්ථා ලබා දීමේ පදනම යටතේ මෙම තීරණය ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නංවා තිබෙනවා. ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා ඩිප්ලෝමා පාඨමාලාවක් 2019 දෙසැම්බර් 31 වනදා වන විට රැකියා අපේක්ෂකයින් සම්පූර්ණ කළ යුතුයි. පදිංචිය තහවුරු කිරීම මෙන්ම මෙම වසරේ ජනවාරි පළමුවනදාට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික කළ යුතුයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කුරියර් සේවය මඟින් අයදුම්පත්‍ර ලබන 20 වනදාට පෙර යොමු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2020 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්