එල්සැල්වදෝරයේ පාර්ලිමේන්තුව එරට ආරක්ෂක අංශ මඟින් වටලා තිබෙනවා.
සැල්වදෝර් ආරක්ෂක අංශ ආයුධ සන්නද්ධව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත්තේ සැසිවාරය පැවැත්වෙන අතරතුරයි. ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 109 ක ණය මුදලක් ඉල්ලමින් ඔවුන් මෙසේ පාර්ලිමේන්තුවට ඇතුළු වුණා. පසුගිය වසරේදී සැල්වදෝර් ජනාධිපතිධුරයට පත් නයිට් බුකලේ මෙම ණය මුදලය පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා තිබෙනවා.ඒ ආරක්ෂක අංශවලට අවශ්‍ය වාහන සහ අවිආයුධ මිලදී ගැනීමටයි. ඒ සඳහා බොහෝ මන්ත්‍රීවරුන් විරුද්ධ වී තිබෙනවා.