හොලිවුඩයේ සුපිරි සම්මාන රාත්‍රිය උත්කර්ෂවත්ව
Related Articles
හොලිවුඩයේ සුපිරි සම්මාන රාත්‍රිය ලෙස සැළකෙන ඔස්කාර් සම්මාන උළෙල 92 වන වරටත් මෙවර අතිඋත්කර්ශවත්ව පැවැත්වුණා. ඒ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස්හි ඩොල්බි තියෙටර්හිදීයී.
හොඳම නලුවා ලෙස ජෝකර් චිත්‍රපටහෙයි දැක්වූ අතිවිශිෂ්ඨ රංගනය වෙනුවෙන් ඔකින් ෆීනික්ස් සම්මාන දිනගත්තා. ජූඩි චිත්‍රපට වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය රෙනේ සෙල්වෙගර් දිනාගත්තා. පැරසයිට් චිත්‍රපටය මෙවර සම්මාන උළෙලේ සම්මාන 04 කට හිමිකම් කීමට සමත්වුණා. හොඳම විදේශ භාෂා චිත්‍රපටය, හොඳම තිරපිටපත , හොදම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන 04 ක් මෙම චිත්‍රපටයට හිමිවුණා. හොඳම පරිගණක සජීවීකරණ චිත්‍රපයට සඳහා මෙවර සම්මාන දිනාගත්තේ ටෝයි ස්ටෝරි 4 චිත්‍රපටයයි. 1917 චිත්‍රපටයේ සිදු කළ කැමරාකරනය වෙනුවෙන් හොඳම කැමරාකරණය සම්මාන දිනා ගත්තේ රොජර් ඩී.කිඩ්ස්.
හොලිවුඩයේ සුපුරි තාරකාවන් රැසක් මෙම සම්මාන උළෙල සඳහා එක්ව සිටියා.