මහ මැතිවරණය වෙනුවෙන් නිර්මාණය කරන සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට තනි තීරණයක් ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසනවා. අද පස්වරුවේ රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු වනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඉදිරි මහමැතිවරණය සඳහා ගොඩනගන එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ මහලේකම් ,සන්ධානයේ නම සහ ලකුණ සම්බන්ධයෙන්ද මෙහිදී අවසන් තීරණයකට එළඹෙනු ඇති. පසුගිය 30 වනදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 20 දෙනෙකු ඊට එක්ව සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-P1bZbicVcM&feature=youtu.be&fbclid=IwAR2YHlI5TwXfk__VGNpQYOOp3u2BYA3DHIOYXznicbDhdSx34q1oW7kAa6Q”]