වසර 30කට පසුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට බලපෑ වැඩිම වර්ෂාපතනය ඊයේ දිනයේ වාර්තා වුණා.
සිඩ්නි නගරයේ ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යටව ඇති බව සඳහන්. නිවාස ලක්ෂයකට පමණ විදුලිය ඇන හිට තිබෙනවා. පසුගිය දින 4ක කාලය තුල සිඩ්නි නගරයට මිලිමීටර් 391 කට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණා. නිව්සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි විශාල ප්‍රමාණයක් නිවී ගොස් ඇති නමුත් ලැව් ගිනි 31 ක් පමණ තවමත් සක්‍රීයව පවතිනවා. සිඩ්නි නගරයේ පමණක් අධික වර්ෂාව, ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 200 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.