fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලන සුඛෝපභෝගි රථ චෝදනා බොරු නම් ඔප්පු කරන්න

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 19:13

යහපාලන සුඛෝපභෝගි රථ චෝදනා බොරු නම් ඔප්පු කරන්න

යහපාලන රජය සමයේ අතිසුඛෝපභෝගී වාහන මිලදී  ගත් බව කියන මැතිඇමතිවරුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රසිද්ධියේ ඔප්පු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අභියෝග කරනවා. වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 28000 ක් වැය කර ඇති බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අදහස් පලකරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

2015 ජනවාරි 08 වනදා සිට 2019 නොවැම්බර් 30 දක්වා කාලය තුළ අධික වටිනාකමකින් යුතු අධිසුඛෝපභෝගී වාහන 78 ක් ගෙන්වා ඇති බවයි එහිදී හෙළි කෙරුණේ. ඒ අතරින් වැඩිම වාහන ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ 2016 සහ 2017 වසරවල අමාත්‍ය ධුර දරූ පිරිස බවටයි හෙළි වුණේ. කැබිනට් අමාත්‍යවරුන් සදහා රුපියල් බිලියන 1.65 ක්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සදහා   රුපියල් මිලියන 652 ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මිලදී ගත් වාහන සදහා රුපියල් මිලියන 564 ක් වශයෙන් වැය කර තිබෙනවා. මෙලෙස ගෙන්වා ඇත්තේ මර්සඩීස් බෙන්ස්, ටොයෝටා,  ලෑන්ඩ් කෘෂර්, බීඑම්ඩබ්ලිව්, අවුඩි, රේන්ජ් රෝවර් වැනි අති සුඛෝපභෝගි වාහනයි. ඒ අනුව වැඩිම මුදලක් වැය කර වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යාංශයටයි. එම අමාත්‍යාංශය සදහා ගෙන්වා ඇති වාහන 09 සදහා වැය කොට ඇති මුදල් රුපියල් ලක්ෂ 3289 ක්. ඊට වෙඩිනොවන රථ දෙකක්ද ඇතුලත්. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවති  අමාත්‍යාංශ සදහා රුපියල් ලක්ෂ 1136 කට වැඩි මුදලක් වැයකර වාහන 04 ක් ගෙන්වා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ 2016 වසරේ ආණ්ඩුපක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අතිසුඛෝපභෝගී වාහන පෞද්ගලික සමාගමක් තුළින් මාසික කුලියට ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණ බවයි. රුපියල් කෝටි 243 ක වටිනාකමකින් යුත් එම ගණුදෙනුවට තමන් විරුද්ධවීම හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා තමාට ප්‍රසිද්ධියේම තර්ජනය කළ බවද එම නිවේදනයේ සදහන්. මේ අතර යහපාලන රජයේ අමාත්‍යවරුන් අතිසුඛෝපභෝගී වාහන ලබාගැනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලස අදහස් පල කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්