ශ්‍රී ලංකාවේ 72 වන ජාතික නිදහස් සමරුවට සමගාමීව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බ්ලැක්ටවුන් නගර සභා පරිශ්‍රයේදී උත්සවයක් පැවැත්වුණා.
ඒ බ්ලැක්ටවුන් නගර සභාවේ සභාපති ටෝනි බ්ලීස්ඩේල් මහතාගේ ප්‍රධානත්වයෙන්. සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් එම් එච් එම් එන් බණ්ඩාර මහතා ඇතුලු ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.