තංගල්ල දංකැටිය ප්රදේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් එම හෝටලයට දැඩි හානි සිදුව තිබෙනවා.
හෝටලය තුළ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවන් ගින්න හටගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ. හෝටලයේ උත්සව ශාලාව මෙන්ම සිවිලම ප්රදේශයට ගින්න පැතිර යාමත් සමඟ පාලනය කිරීම අපහසු වී තිබෙනවා. හෝටලයේ උපකරණ රැසකට ද හානි සිදුවුණා. තංගල්ල මූලස්ථාන පොලීසිය හා නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමීමට ක්රියාත්මක වුණා. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් තහවුරු වී නැති අතර මේ සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.