fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගේට්වේ විද්‍යාලය සංවිධාන කරන ජාත්‍යන්තර පාසල් මළල ක‍්‍රීඩා ශුරතා තරගාවලිය ලබන 14වනදා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 15:58

ගේට්වේ විද්‍යාලය සංවිධාන කරන ජාත්‍යන්තර පාසල් මළල ක‍්‍රීඩා ශුරතා තරගාවලිය ලබන 14වනදා

ගේට්වේ විද්‍යාලය සත්කාරත්වයෙන් 20වන වරටත් සංවිධාන කරන ජාත්‍යන්තර පාසල් මළල ක‍්‍රීඩා ශුරතා තරගාවලිය ලබන 14වනදා සුගතදාස ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. මේ පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.

2001 වසරේ දී ආරම්භ වු මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලියක් ලෙස හැඳින්වනවා. මෙවර තරගාවලිය ලබන  14 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1750ක් තරග ඉසව් 162ක් සඳහා තරග වදිනවා. මෙම ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ. ආචාර්ය හර්ෂ අලස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 15:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්