කොරෝනා, සාර්ස් මරණ සංඛ්‍යාව ඉක්මවයි
Related Articles
කොරෝනා වෛරසය හේතුවෙන් අටසිය දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වෛරසය ආසාදනයවූ බවට තහවුරු කරගත් සංඛ්‍යාව තිස් හතර දහස් අට සියය ඉක්මවනවා. කොරෝනා ව්‍යාප්තිය ආරම්භවූ චීනයේ හුබෙයි පළාත මුළුමණින්ම පාලු ස්වරූපයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. හුබෙයි පළාතට ඇතුලුවීම හෝ ඉන් පිටවීම තවමත් තහනම්.
සියලු කඩ සාප්පු සහ ආයතන තවමත් වසාදමා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
කොරෝනා හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2003 වසරේ ව්‍යාප්තවූ සාර්ස් මරණ වලට වඩා වැඩි බව ද එම වාර්තාවල සඳහන්. චීනය හැර තවත් රටවල් කිහිපයකින් නව කොරෝනා ආසාදිතයන් හමුව තිබෙනවා.
වෛරසයට ගොදුරුවීමෙන් ඇමරිකා සහ ජපන් ජාතිකයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා. තත්වය පාලනය කිරීම සඳහා උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් යළි අවධාරණය කළේ.