විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපොළේදී. ඔහුගේ ගමන් මළු තුනක තිබී දුම්වැටි කාටූන් 91 ක් සොයාගත් බවයි ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
ඒවායේ වටිනාකම රුපියල් දහතුන් ලක්ෂ දහනව දහස් පන්සියය ඉක්මවනවා.
අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළඹ පදිංචි 47 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.