ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට උපරිම සහය ලබාදීමට සූදානම් බව ඇමරිකාව ප්‍රකාශ කළා.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් මහතා මේ බව සඳහන් කළේ ඇමරිකානු මධ්‍යස්ථානයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින්.
ශ්‍රී‍්‍ර ලංකාව සමඟ ගැඹුරු සහ සමීප සබඳතාවක් පවත්වාගෙන යන බව ද ඔහු පෙන්වාදුන්නා. ශ්‍රී‍්‍ර ලංකාව ඇමරිකාවේ වැදගත්ම පාර්ශවකරුවෙකු බවයි සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/Jonathan-Henick.jpg”]