ඩේමියන් සුළිකුණාටුව හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ පිල්බරා ප්රාන්තයටයි මෙමඟින් වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ. මේ හේතුවෙන් ගංවතුර හා නායයෑම් රැසක් වාර්තා වී තිබෙනවා. නිවාස රැසකට ද හානි සිදුවී තිබෙනවා. පිල්බරා ප්‍රාන්ත වැසියන්ට කාලගුණ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්. ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට නිවාසවල රැඳී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා. පැයට කිලෝමීටර් 205ක වේගයෙන් සුළං හමා යමින් පවතින බව සඳහන්.