මෙරටේ ජාතික ආරක්ෂාව සංවර්ධනය හා නව ව්‍යාපෘති සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක නිරතවුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී තවත් කරුණු රැසක් පිළිබද අවධානය යොමුවුණා.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ උත්තමාචාර දැක්වීමක් සිදු කෙරුණා. එම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද එක්ව සිටියා.
මහත්මාගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කළා.
දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාව පැවැත්වුණේ අද (08) පස්වරුවේයි. එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙරටටම බලපාන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කළා. මෙම හමුවෙන් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
එහිදී ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රි ලංකාවේ සෑම පළාතකම ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන වැඩපිළිවෙල සදහා ඉන්දීයාවේ සහාය අපේක්ෂා කරන බවයි. දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව පළමු විදෙස් නිල සංචාරය සදහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබද සතුටුවන බව ද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සාකච්ඡා කළ කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබද වැඩිදුර සාකච්ඡා කිරීම සදහායි මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්ව සිටින්නේ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්ද පැවැත්වුණා. මීට පෙර ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සදහා අරමුදල් සැපයූ ආකාරයටම නව ව්‍යාපෘති සදහා ද ඉන්දියාවේ අනුග්‍රහය අඛණ්ඩවම හිමිවන බව එරට විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මෙහිදී ප්‍රකාශ කළා.
ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. එහි ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් අවසන් කිරීමට ද තීරණය කෙරුණා. ඉන්දීය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය පිළිබදව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සොයා බැලුවා.
දෙරටේ ධීවර ප්‍රජාව අතර නිරන්තරයෙන් පවත්නා ගැටලුකාරී තත්ත්වයට ප්‍රායෝගික විසදුමක් ලබාදීම සදහා දෙපාර්ශ්වය ඉතා සමීපව කටයුතු කිරීමට එකගත්වය පළකෙරුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබද ඉන්දියාවේ අවධානය යොමුවුණා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද ඉන්දියාවේ සහාය හිමිවනවා. 2018 වසරේ දී හාරලක්ෂ විසිපන් දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග සංචාරකයින්ගේ පැමිණීම පහත බැස තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු රාජ්‍ය නායකයා වූයේ ද නරේන්ද්‍ර මෝදි මහතායි. මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ඉන්දීය සංචාරය ද ඉදිරි වසර පහේ ශ්‍රී ලංකාවේ කටයුතු සැළසුම් කිරීමට ඉතා හොද අවස්ථාවක් වනු ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියාසිටියේ. මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු විදේශයක කළ පළමු නිල සංචාරය මෙයයි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/1-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/3-2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/4-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/2-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/5-1.jpg”]