කොළඹ වරායේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරිම සඳහා පුර්ණ අනුකුලව ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ක්රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වරාය පරිශ්රයට ඇතුළු වන සියලුම ප්රවේශ, ගුදම්,පර්යන්ත විවෘත ගබඩා ප්රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන ප්රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලු ම ක්රියාකාරකම් නිරික්ෂණය වීම, අධික්ෂණය වීම හා පටිගත වීම සිදු කිරිම සඳහා ශ්රි ලංකා වරාය අධිකාරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ දැමිම හා කොළඔ වානිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/CCTV.jpg”]
– රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව