fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹට මත්පැන් බෙදාහරින මහා පරිමාණ ස්කාගාරයක් වටලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 14:42

කොළඹ නගරයට සහ අවට ප‍්‍රදේශ වලට වසර 18 ක කාලයක සිට මත්පැන් බෙදාහරින මහා පරිමාණ ස්කාගාරයක් වටලා තිබෙනවා.

ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් විසින්. පාර්ලිමේන්තුවට යාබද දියවන්නා ඔය ආශි‍්‍රත කැළෑබද ප‍්‍රදේශයකයි ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබෙන්නේ. එහි තිබී මත්පැන් ගෝඩා ලීටර් විසි අටදහසක් සහ මත්පැන් ලීටර් 800 ක් සොයාගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මත්පැන් ප‍්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් ද අත්අඩංගුවට ගැණුනා. අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක්. ස්කාගාරයේ සිටි පුද්ගලයන් හතර දෙනෙකු ද සිය භාරයට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්