fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වවිද්‍යාල ගැටලු විසදීමේ විවෘත සංවාදයක් කොළඹ දී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 12:37

සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළම පැන නැගී ඇති ගැටලු විසදීමේ විවෘත සංවාදයක් කොළඹ දී පැවැත්වුණා. එහිදී ප්‍රකාශ වුණේ අදාළ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දෙන බවයි.

විශ්වවිද්‍යාලවල ගැටලු සහ ශිෂ්‍ය සුබ සාධනය පිළිබද මෙම සාකච්ඡාව පැවැත්වුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ද ඊට එක්ව සිටියා. ශිෂ්‍යයන්ගේ යෝජනා ඉදිරි කටයුතු වලදී සැලකිල්ලට ගන්නා බව නිලධාරීන් ප්‍රකාශ කළා.

මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ ගැටලු සාකච්ඡා කිරීමේ හමුවක් ද කොළඹ දී පැවැත්වුණා. එම සාකච්ඡාව පැවැත්වුණේද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. රුහුණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන මහතා සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්