ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්රාන්තයටයි වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ.
ඒ සමග මෙම ප්‍රාන්තයට බලපා තිබූ ලැව් ගිනි බොහෝ දුරට නිවී ගොස් ඇතැයි වාර්තා වනවා. සිඩ්නි නගරයට ද ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
මාස 15කට පසු සිඩ්නි නගරයට අද දිනයේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණා.
තවත් දින කිහිපයක්ම ධාරාණිපාත වැසි ඇති විය හැකි බවයි ඕස්ට්‍රේලියා කාලගුණ අංශ නිවේදනය කරන්නේ.