කොරෝනා වෛරසය පිළිබද පළමුව තොරතුරු හෙළිකළ වෛද්‍යවරයා මිය ගොස් තිබෙනවා.
ලීන් වෙන් ලියෑන්ග් වෛද්‍යවරයා වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරමින් සිටියදී වෛරසයට ගොදුරුව තිබෙනවා.
වෛරසය පිළිබද පළමුව අනතුරු ඇගවීම් නිකුත් කළේ ඔහුයි.
දෙසැම්බර් 31 වනදා වෛරසය පිළිබද අනතුරු ඇගවීම් නිකුත් කළ ඔහු ඉන් ආරක්ෂා වීම සදහා උපදෙස්ද ලබා දී තිබුණා.
නමුත් වූහාන් පොලිසිය ඔහුට ව්‍යාජ තොරතුරු බෙදා හැරීම පිළිබදව චෝදනා කරමින් උපදෙස් ලබා දීම නතර කිරීමට නියෝග කළා.
මේ වන විට වෛරසය හේතුවෙන් පුද්ගලයින් 636 දෙනෙකු මියගොස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 31161ක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/Doctor.jpg”]