අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සදහා අද ඉන්දියාව බලා පිටත්ව යනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සහභාගිවන ප්‍රථම විදෙස් නිල සංචාරය ද මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම එරට ජනාධිපති, විදේශ ඇමති ඇතුළු ඉහළපෙළේ නියෝජිතයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
දෙරට අතර සබදතා ශක්තිමත් කර ගැනීමට ද අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉවහල්වනු ඇති.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/Mahinda-india.jpg”]