fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නූතන බිතු සිතුවම් ඇගයීමේ උළෙල මාර්තු මාසයේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 15:19

පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය සංවිධානය කරන ලබන නූතන බිතු සිතුවම් ඇගයීමේ උළෙල මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

පසුගිය කාලයේදී මෙරට තරුණ තරුණියන් එක්ව බිත්තිවල සිතුවම් අදිමින් පරිසර අලංකාර කිරීමේ කටයුතුවල නිරත වුණා. එම ක්‍රියාව අගය කරමින් මෙම ඇගයීමේ උළෙල පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සියලු ඇගයීම් සම්මාන ප්‍රාදේශීය දිස්ත්‍රික් පළාත් සහ ජාතික මට්ටමෙන් තෝරා ගැනෙවා. හොදම ස්වතන්ත්‍ර නිර්මාණය , හොදම ස්වතන්ත්‍ර සිතුවම්පෙළ , හොදම සිතුවම ආදී අංශ ගණනාවක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමෙනවා.

මේ සඳහා ග්‍රාමනිලධාරී ප්‍රාදේශීය ලේකම්කාර්යාල මට්ටමෙන් අයදුම් කළ හැකි අතර ලබන10 වනදා සිට අයදුම්පත්‍ර මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මඟින් ලබාගැනීමට හැකියි. පෙබරවාරි 20 වනදාට පෙර එම සිතුවම්වල ඡායාරූප සමඟ අයදුම්පත්‍ර යොමු කළ යුතුයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 15:19

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්