පසුගිය කාලයේ කබලෙන් ලිපට වැටුණු මෙරට ව්‍යවසායකයින් යළි නගාසිටුවීම සඳහා වත්මන් රජය ගෙන ආ සහන පැකේජය සත්‍ය ලෙසම තමන්ට ලැබුණු ත්‍යාගයක් බව ව්‍යවසායකයින් පෙන්වා දෙනවා.
ව්‍යාපාරිකයින්ගේ දේපල වෙන්දේසි කිරීම නැවැත්වීම හා සහන පැකේජයට ඇතුළත්කර ගන්නා ව්‍යවසායකයින්ගේ සීමාව පුළුල් කිරීමට රජය ගත් පියවර ද අගය කළ යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ.
විවිධ බදු යෝජනාක්‍රම ගෙන ආ පසුගිය රජය මෙරට පුරවැසියෙකුට ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් රටතුළ නිර්මාණය කළා. එමෙන්ම විවිධ ස්වභාවික ව්‍යසනවලදී ව්‍යවසායකයින්ට සහන ලබා නොදීම ද ඔවුන්ට එල්ලවූ තවත් මරුපහරක්. ව්‍යාපාර පවත්වාගෙන යාම සදහා මූල්‍ය ආයතනවලින් ගිනි පොලියට ලබාගත් ණය හේතුවෙන් හෙම්බත්ව සිටි මෙරට ව්‍යාපාරිකයන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග තවත් පහතට ඇදවැටුණා. දේශීය කර්මාන්ත හා ව්‍යවසායකයා නගාසිටුවීම සිය ප්‍රතිපත්තිය කරගත් ජනාධිපතිතුමා ප්රමුඛ වත්මන් රජය මෙම ව්‍යවසායකයින් නගාසිටුවීම සදහා වහාම සහන පැකේජයක් ලබාදීමට පියවර ගත්තා. මෙම සහන ලබාගැනීම සදහා ඉල්ලුම් කිරීමට තිබූ කාලය ලබන 10 වනදායින් අවසන් වුවද එය මේ මස අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙසයි ව්‍යවසායකයින් ඉල්ලා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/nMKdLvyzzAM”]