අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදින් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ලබන 20 වනදා දක්වා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ. තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්කරගත් බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.