fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලීය උණුසුම ඉහළටම ගිය ජනවාරි මාසය 2020 ජනවාරි මාසය බවට වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2020 14:25

ගෝලීය වශයෙන් උණුසුම ඉහළටම ගිය ජනවාරි මාසය මෙම වසරේ ජනවාරි මාසය බව යුරෝපා සංගමයේ කාලගුණ වාර්තාව පෙන්වා දෙනවා. ලෝක ඉතිහාසයේ දැනට ඇති වාර්තා අනුව දෙවන උණුසුම්ම වසර ලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ පසුගිය වසරයි. එහෙත් පසුගිය මාසයේ අධික උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන් එම වාර්තාව ද මෙම වසරේදී අලුත්විය හැකි බවයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ. මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වූයේ 2016 යි. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය තවදුරටත් වැඩිවෙමින් පවතිනවා. විශේෂයෙන් 2016 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2020 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්