අත්තනගල්ල රන් පොකුණගම ගුරු ගම්මානයේ ගුරුවරුන් සදහා නිවාස ආධාර චෙක්පත් ප්රදානය පසුගියදා සිදු කෙරුණා.
පසුගිය රජය මගින් මෙම ගුරු ගම්මානයේ වැඩ ආරම්භ කළද අදාළ ගුරුවරුන්ට නිවාස ඉදිකරගැනීම සදහා කිසිදු මුදලක් ලබා දී තිබුණේ නැහැ. මේ නිසා නිවාස නොමැති ගුරුවරුන්ට අදාළ නිවාස ඉදිකර ගැනීමට නොහැකි වී සිටියා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගත් වත්මන් රජය මෙම ගුරුවරුන් සදහා මුදල් ප්රදානය කිරීමට කටයුතු කළා. ඒ අනුව මුදල් චෙක්පත් ප්රදානය සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්.
පළමු අදියර සදහා රුපියල් ලක්ෂ 150 ක් පමණ ලබා දීම සිදු කෙරුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/gu-gammana.jpg”]