fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ඩොලර් සියයේ නෝට්ටු 706ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2020 09:23

විදෙස් මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

වැටලීම සිදුකර තිබෙන්නේ මන්නාරම පොලිස් වසමේ තාරපුරම් හංදියේ හමුදා මාර්ග බාධකයේදී. යතුරුපැදියක සඟවා තිබූ ඇමරිකා ඩොලර් සියයේ නෝට්ටු 706 ක් සහිත පාර්සලයක් සොයා ගැනීමට එහිදී හැකිව තිබෙනවා. එම මුදල් ලැබුණු ආකාරය පිළිබදව පැහැදිලි කිරීමට යතුරුපැදිකරු අපොහොසත්වූ බවයි පොලීසිය පවසන්නේ.

ඊට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2020 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo