fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික වෙළෙද ප්‍රතිපත්තිය සඳහා වූ යෝජනාවලිය ජනපතිට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 17:00

ජාතික වෙළෙද ප්‍රතිපත්තිය සදහා වූ යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණා.

ජාත්‍යන්තර වෙළදාම සදහා ජාතික වෙළෙද ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ මහජන කොමිසමක් පත්කළා. එම කොමිසමට ලැබුණු අදහස් සැළකිල්ලට ගනිමිනුයි යෝජනාවලිය සකස් කෙරුණේ. එය වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ජනාධිපතිතුමා වෙත ලබාදුන්නා.

මේ අතර නෛතික නිදහසින් වසර 72 කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා යන තේමාව යටතේ පැවති ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපතිතුමා එක්වුණා.

මේ අතර ජාතික වෙළෙද ප්‍රතිපත්තියක් සදහා වූ යෝජනාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම ද අද (04) සිදුකෙරුණා. ඒ කොළඹ විද්වත් වෘත්තියින්ගේ සංගම් මූලස්ථානයේදී. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම අවස්ථාවට එක්වුණා.

ජාත්‍යන්තර වෙළෙදාම සදහා ප්‍රතිපත්තිගරුක ප්‍රවේශයක් ලබාගැනීම හා ජාතික වෙළෙද ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීමේ ප්‍රදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍යවරයා එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo