fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව ස්වර්ණමය යුගයක එළිපත්තේ සිටින බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 11:12

ශ්‍රී ලංකාව ස්වර්ණමය යුගයක එළිපත්තේ සිටින බව අගමැති කියයි

ශ්‍රී ලංකාව යළි ස්වර්ණමය යුගයක එළිපත්තේ සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අලුත් ආණ්ඩුවක් සමග අලුත් දශකයක පළමු නිදහස මෙවර සමරන බවයි නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ.

තරුණ පරපුර රට ගොඩනැගීම සඳහා උද්යෝගයෙන් එකතු වෙමින් සිටිනවා.ඒ හේතුවෙන් රට පැමිණ ඇත්තේ සවර්ණමය යුගයකට බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන්ද තහවුරු වූයේ ලැබූ නිදහස රැක ගැනීමට රටේ ජනතාව තුළ වූ අධිෂ්ඨානයයි. අද අප ඉදිරියේ ඇත්තේ දේශපාලනය නිසා අදාළ වූ ආර්ථික ප්‍රගතිය නැවත රටට ලබා ගැනීමේ අභියෝගය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්