ඇමරිකා සෞඛ්‍ය විශේෂඥයන්ට රට තුළට පැමිණීමට අවස්ථාව ලබාදෙන බව චීනය ප්‍රකාශ කළා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගයත් ඊට හිමිවුණා. එහි එක් අදියරක් ලෙසයි ඇමරිකා විශේෂඥයන්ට අවස්ථාව හිමිව තිබෙන්නේ. වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් චීන ආර්ථිකයට ද බලපෑම් මතුව තිබෙනවා. ඒවා යළි නඟාසිටුවීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමයි ඔවුන්ගේ අපේක්ෂාව. ප්‍රතිකාර සඳහා නව රෝහල් පද්ධතියක් ද ඉදිකිරීමට චීනය පියවර ගත්තා. වෛරසය මැඩපැවැත්වීම සඳහා ගෝලීය මට්ටමින් කි‍්‍රයාමාර්ග ගතයුතු බවයි මීටපෙර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදුන්නේ. දේශසීමා 10 ක් වසාදැමීමට හොංකොං බලධාරීන් ද පියවර ගත්තා. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ඔවුන් ආරම්භ කර තිබෙනවා.