අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ප්‍රවාහන ඇමතිට
Related Articles
අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව මේ සතියේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදෙන බව ජාතික ගමනා ගමන කොමිසම ප්‍රකාශ කළා.
මේ වන විට බස් රථ 400 ක් පමණ ධාවනයේ නිරත වනවා. එහෙත් එහි කිසිදු පහසුකමක් නොමැති බවටයි මඟීන්ගෙන් චෝදනා එල්ලවී තිබෙන්නේ. අවශ්‍ය කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසටත් අමාත්‍යවරයා ජාතික ගමනා ගමන කොමිසමට දැනුම් දුන්නා. මේ අතර නුවරඑළියේ සිට කොළඹ දක්වා ගමන් කළ සාමාන්‍ය බස් රථයක් අර්ධ සුඛෝපබෝගී බව පවසමින් වැඩි මුදලක් අය කිරීම පිළිබදව ද තොරතුරු වාර්තාවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා ජාතික ගමනා ගමන කොමිසමට උපදෙස් ලබාදී තිබෙන්නේ.