fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 09:10

ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක්

“සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්” නැවුම් තේමාව යථාර්තයක් වීම සඳහා අහාර ඖෂධ යන දේශීය ශාක අවශ්‍යතාවය සැපිරීම සඳහා සුරැකි පරිසරයක සුවැති, හිතැති අනාගතයකට නව පියවරක් තැබීම සඳහා රාජ්‍ය නායකත්වය පෙරටු කොටගෙන ජාතික නිදහස් දින සැමරුම සැමරීමට එක් වී ඉඩකඩ ඇති පහසු ස්ථානයක පැළයක් රෝපණය කරන ලෙසත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජාතික නිදහස් දිනය පිළිබඳ ව නිල වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එමෙන්ම, මේ සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිදහස් දිනයට සමගාමී ව ඒ ඒ දිස්ත්‍රික්ක තුළ අඩු වියදමකින් යුතු ව නිදහස් දිනය සැමරීමට උපදෙස් දී ඇති බව එහි දී පැවසූ එස්.හෙට්ටිආරච්චි මහතා, මෙම කාලය තුළ ග්‍රාමසේවා නිළධාරීවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රමදාන සිදු කිරීමටත්, පැළ සිටුවීම සඳහා විශේෂයෙන් කුඹුක්, මී, කොහොඹ යනා දී පැළ රෝපණය කිරීම ද සිදු කරනු ලැබෙන බවත් සඳහන් කර සිටියේය.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්